Tuesday, October 21, 2014

ප්‍රධාන තැපැල්හල

එකල ප්‍රධාන තැපැල් කාර්යාලය ලෙස හැදින්වූ මෙම ගොඩනැගිල්ල ජනාධිපති මැදුරට මුහුණලා පිහිටා ඇත.1891 වර්ෂයේ ඉදිකිරීම් කටයුතු කර ඇති අතර 1895 දී ආතර් ඊ හැව්ලොක් ආණ්ඩුකාරතුමා විසින් විවෘත කරන ලදී.

විදේශ කටයුතු අමාත්‍යංශ ගොඩනැගිල්ල

1860 වර්ෂයේදී ඉදිකරන ලද ගොඩනැගිල්ලකි. ජනාධිපති මාවතේ දිගටි හැඩයකට පැතිර යන්නාවූ දෙමහල් මන්දිරයක අසිරිය දක්නට ලැබේ. පසු කාලීනව මෙම ස්ථානයේ රාජ්‍ය ආයතන කිහිපයක්ම පවත්වාගෙන ගොස් ඇත.

කයිමන්දොරකඩ ඝන්ඨාර කුළුන

ගෑස්පහ හන්දියේ  පැරණි නගර ශාලාවට බටහිරින් වන්නට කෙලින්විදියේ පිහිටා අති මෙය ඕලන්ද පාලන සමයේදී ඉදිකරන ලද්දකි. මෙහි අති ඝන්ඨාරය පෘතුගීසි දේවස්ථානයක් බිද දැමීමෙන් පසුව එහි නටබුන් අතරින් සොයා ගෙන එන ලද්දක් බව ප්‍රකටය. දෙවන ලෝක යුධ සමයේදී මෙය නාද කරන්න අති බව පැවසේ.ආරුක්කු හැඩයකින් යුතු මෙම කුළුණ 1926 සිට දේව මෙහෙයන් සදහා ප්‍රයෝජනයට ගෙන ඇත.

දෙහිවල සත්ත්ව උද්‍යානය

ජර්මන් ජාතික ජෝන්බර්ග් විසින් නිර්මාණය කරන ලද්දකි. 1936 දී පුද්ගලික සත්ත්ව උද්‍යානයක් ලෙස අක්කර 22 ක භූමියක නිර්මාණය කරන ලද තිළිණයකි. නමුත් 1986 වසරේ ශ්‍රී ලංකා රජයට පවරා ගන්නා ලදී. එකල මෙම සත්ත්ව උද්‍යානය ආසියාවේ පිහිටි අනෙකුත් උද්‍යාන වලට නොදෙවෙනි නිර්මාණයක් විය. ඉතාමත් දුර්ලබ ගණයේ සතුන් රැසක් මෙහිදී දක්නට ලැබේ.


බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව

1973 දී ෙබෟද්ධාලෝක මාවතේ ඉදිකරන ලද බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, චීන ජනරජයේ පරිත්‍යාගයකි. ඉතාමත් විශාල සම්මන්ත්‍රණ ශාලාව කොලඹ නගරයට ඉතාමත් අලංකාරයක් මෙන්ම වටිනාකමක් එක් කර ඇත. ආසන 1500 කින් සමන්විත ප්‍රධන ශාලාව තුළ පිහිටි වේදිකාව වර්ග අඩි 2400 ක ප්‍රමාණයක් ඇත. මහල් තුනකින් සුසැදි මෙම ශාලාව අන්තර්ජාතික කීර්තියට පත්ව ඇත.

ග්‍රහලෝකාගාරය

1965 දී කොළඹ පවත්වන ලද දැවැන්ත කර්මාන්ත ප්‍රදර්ශනයේ ප්‍රතිපලයක් ලෙස මෙම සුවිශේෂී දැකුම් කළු ගොඩනැගිල්ල ඉදී කරන ලදී.ගොඩනැගිල්ල මාධ්‍යයේ කිසිම කණුවක් සවි නොකර, පිපෙන මලක හැඩයට සුවිශේෂී නිර්මාණයක් ලෙස මෙය ඉදිකර ඇත. මෙහි ඇති අර්ධගෝලාකාර රිදී තීරය මත දිස්වෙන රාත්‍රී අහසේ දක්නට ලැබෙන සුන්දරත්වය නරබන්නා වෙත ඉදිරිපත් කරන්නේ ඉතාමත් චමත්කාර ලෙසය.

ගුවන් සමාගම් ගොඩනැගිල්ල

1786 දී ඕලන්ද ජාතිකයින් විසින් ඉදිකරන ලද්දකි.මෙය බාරොන් ජයතිලක මාවතේ පිහිටා ඇත.අතීතයේ දී ගුවන් සමාගමක් වන එයාර්ලංකා ප්‍රවේශ පත්‍ර නිකුත් කරන ස්ථානයක් ලෙසද පවත්වාගෙන ගොස් ඇත. වර්තමානය වන විට අලුත් මුහුණුවරකින් දක්නට ලැබේ.