Thursday, September 25, 2014

ඕලන්ද කෞතුකාගාරය

පිටකොටුව කුමාර විදියේ දක්නට ලැබෙන මෙම ගොඩනැගිල්ල 1980 පිළිසකර කරන ලදී.1692 කාලය තුල සිටි ඕලන්ද ආණ්ඩුකාර තෝමස් වෑන්ගේ නිල නිවහන විය. ඉංග්‍රීසි පාලන සමයේ මෙය හමුදා රෝහලක්, පොලිස් අභ්‍යාස විද්‍යාලයක් තැපැල් හලක් ලෙසද එකල ප්‍රයෝජනයට ගෙන ඇත. 1982 වසරේ සිට මෙය ඕලන්ද කෞතුකාගාරයක් ලෙසට පවත්වාගෙන යයි. දෙමහල් ගොඩනැගිල්ලක් වන මෙය කොළඹ නගරයේ පිහිටි විශාලතම ඕලන්ද ගෘහ නිර්මාණයන්ට අනුව ඉදිකරන ලද නිර්මාණයකි.

කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව්මැදුර

වර්තමානයේ කොලඹ පුරවරයේ දක්නට ලැබෙන විශාලතම දෙව්මැදුර මෙය වේ.1760 වර්ෂයේ මෙය ආරම්භ කරන විට පෝල්අතු සෙවිලි කරන ලද මඩුවකි. අද අපට දක්නට ලැබෙන ආකාරයෙන් වෙනස් වන්නට පටන්ගෙන ඇත්තේ 1937 වර්ෂයේ සිටය. පැරණි රෝම වාස්තු විද්‍යා ලක්ෂණ වලින් හෙබි මෙම පුජනිය භුමිය කතෝලික බැති මතුන්ගේ ආශීර්වාද භූමියයි. මෙම දෙවු මැදුරට අනුබද්ධිතව ඉදිකරන ලද කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලයත්, බම්බලපිටියේ යහපත් එඩේරා කන්‍යාරාමයත් අද කොලඹ පිහිටි ප්‍රධාන පාසැල් දෙකක් බවට පත්ව ඇත.

ෙකෟතුකාගාර ගොඩනැගිල්ල

1868 දී කුරුදුවත්ත ප්‍රදේශයේ ඉදිකරන ලද ගොඩනැගිල්ලකි. වික්ටෝරිය පාලන සමයේ ඉදිකරන ලද නිර්මාණයන්ට සමානව මෙයද නිර්මාණය කර ඇත. විලියම් ග්‍රෙගරි ආණ්ඩුකාරයා විසින් වර්ෂ 1877 දී මෙය විවෘත කර ඇත. වර්තමානය වන විට මේ හා සමාන ගොඩනැගිල්ලක්  ප්‍රධාන ගොඩනැගිල්ල පසු පස ඉදිකර ඇත.  

ගාලු මුවදොර

1840 වර්ෂයේදී එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා විසින් මෙම පරිශ්‍රය තුල තුරග රේස් පවත්වා ඇත. වර්තමානය වන විට මෙය "ගෝල්ෆේස්" නමින් හදුන්වා ඇති අතර , පිරිසිදු මුහුදු වෙරළ තිරයක් මත දෙපා තබන්න ඇති ආශාව නිසා මෙම පෙදෙසට විශාල ජනතාවක් එක් රොක් වෙමින් නිදහසේ සැරිසරන්න පුරුදුව ඇත.

ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය

1875 වර්ෂය වන විට එවකට ශ්‍රීලංකාව තුල පිහිටා තිබුන විශාලතම සැපහසුකම් වලින් යුක්ත හෝටලය මෙය විය. කොලඹ වරායෙන් ගොඩබසින ජනතව ඉලක්ක කර ගනිමින් ආරම්භ කරන ලද ව්‍යාපෘතියක් විය.රුසියානු ලේඛක ඇන්ටන් චෙකොෆ් මෙම හෝටලයේ නවාතැන් ගෙන ඇති බව ඉතිහාසය සාක්ෂි දරයි.

කොළඹ පැරණි දුම්රිය පොළ

1858 වර්ෂයේදී ශ්‍රිලංකාවේ පළමුවන දුම්රිය පොළ ලෙස ඉතිහාසයට එක්ව ඇත. එය මරදාන කාර්මික විද්‍යාලය ඉදිරිපිට පිහිටා ඇත. 1865 වසරේදී ප්‍රථම දුම්රිය ගමන අබේපුස්ස දක්වා ගමන් ආරම්භ කලේ මෙම දුම්රිය පළේ සිටය.1912 වර්ෂයේ දී කොටුව දුම්රිය පොළ ආරම්භ වීමත් සමග ප්‍රථම දුම්රිය පොළ වසා දමන ලදී.

ගාලු මුවදොර හෝටලය

අග්නිදිග ආසියාවේම  බැබලෙන හෝටලයක් ලෙස මෙය හැදින්විය හැක. ඒවගේම ලංකාවේ පිහිනුම් තටාකයක් හිමි පළමු හෝටලයද මෙය විය. 1874 වර්ෂයේ සම්පුර්ණයෙන් අලුත්වැඩියා කරන ලදී. කොලඹ නගරයට ඉතාමත් අලංකාරයක් එකතු කරන ලද ස්ථානයක් ලෙස මෙය හැදින්විය හැක.

ගල්කිස්ස මහ හෝටලය

"ලැවිනියා කන්ද " ආශ්‍රිතව ඉදිකරන ලද මෙම ගොඩනැගිල්ල, එවකට විසු එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයාගේ ගම්බද නිල නිවහන මෙය විය. එය 1824-1831 තරම් පැරණි යුගයකට අයත් වුවකි. ඕලන්ද හා බ්‍රිතන්‍ය නිර්මාණ වල ලක්ෂණ පෙන්නුම් කරනු ලැබේ. පසු කාලීනව මෙය විවිධ වෙනස්කම් වලට ලක් වෙමින් අද අප දකින ස්වරුපය ලැබී ඇත. සුන්දර වෙරළ තිරය තුල ඉදිකර ඇති බැවින් දෙස් විදෙස් ජනතාවගෙන් පිරුණු සුවිශාල මන්දිරයක් බවට වර්තමානය වන විට පත්ව ඇත.

ඔස්ටේ‍්‍රලියා ගොඩනැගිල්ල

යෝර්ක් විදියේ "ලක්සල" ආයතනය පවත්වාගෙන යනුයේ මෙම ඕස්ට්‍රේලියා ගොඩනැගිල්ල තුලය.1900 වර්ෂයේදී වෝකර්ස් සමගම විසින් මෙය ඉදිකර ඇත.බාහිර පෙනුම මෝගල් ඉන්දියානු හැඩරුව ගෙන ඇති අතර ආරුක්කු සහිත දිග කොරිඩෝව බ්‍රිතාන්‍ය වාස්තුවිද්‍යා අභාෂය ලබා ඇත.

විහාරමහාදේවි උද්‍යානය

කැලණිතිස්ස රජු දවසේ රහතන් වහන්සේ නමක් උණුතෙල් කටරමක බහා මරණයට පත් කල පාපය නිසා, මුහුද ගොඩ ගලන්නට පටන් ගත් බව ඉතිහාස මුලාශ්‍ර වල සදහන් වේ. මේ කරදරයෙන් මිදෙන්න තම දියණිය වූ විහාරමහා දේවිය මුහුදට බිලිදුන් බවද ඔබ අප දන්නා නොරහසකි. ලංකා ඉතිහාසය තුල විහාරමහා දේවිය යන නාමය රන් අකුරින් ලියවී ඇත. ඒ වගේම ක්‍රිස්තු පුර්ව 161-137 කාලයේ රජකම් කල වටිනා මෙහෙවරක් කරන ලද දුටුගැමුණු රජතුමාගේ මෑණියන් වහන්සේද මෙතුමිය වුවාය. මෙතරම් සේවාවක් රට වෙනුවෙන් සිදුකල මෙහෙවර උදෙසා එතුමිය සිහිකිරීම පිණිස මෙම උද්‍යානය නිර්මාණය කරවිය.


ඉතිහාසය සොයාබලන කල අද විහාරමහාදේවි උද්‍යානය යැයි හදුන්වන උද්‍යානය අතීතයේදී කුරුදු වත්තක් බව අනාවරණය කර ගෙන ඇත. ඉංග්‍රීසි ජාතිකයින් විසින් කුරුදු වත්ත හෙළි පෙහෙළි කර ගෙන මුලින්ම පැමිණ ඇත්තේ නැවියෝය. ශිත දේශගුණයක් සහිත රටවල මිනිසුන් සේන්දු වී මෙම ප්‍රදේශයේ විවේකි සුවය ගත කර ඇත්තේ මේ උද්‍යානයේය. අතීතයේ මෙම ප්‍රදේශයට ඇතුල්වීමට අවසර ලැබී ඇත්තේ සුපිරි පාන්තිකයින්ගේ හට පමණි, ක්‍රීඩා කටයුතු, රික්ෂෝ පැදීම, අශ්වයින් පිට යෑම මෙහෙදී සිදු කරන ලදී.


වික්ටෝරියා පාක් යනුවෙන් හැදින්වූ මෙම උද්‍යානය වරක් එළිසබෙත් මහ රැජින පිල්ප් ආදිපාදවරයා සමග පැමිණ ඇත. 1920 දී පැට්රික් කිලිෆෙර්ඩ් හොලිඩේ නමැති ප්‍රභූවරු දෙදෙනාද මෙම ස්ථානයට පැමිණ උද්‍යානය දියුණු කර ඇත. විහාරමහාදේවි උද්‍යානය ලෙස 1958 දී නම් කරන ලදී. ඒ සදහා පුරෝගාමී වුයේ විහාරමහාදේවී ගුණානුස්මරණ සංගමයේ සිරිදත්තා  ජයකොඩි මහත්මියගේ යෝජනාවක් මත මෙලෙස නම් කරන ලදී.

Wednesday, September 24, 2014

බොල්ගොඩ ගඟ

ලංකාවේ සුවිශාල අභ්‍යන්තර ජලාශ කැපිපෙනෙන ජලාශයකි.අගනුවරට කිලෝමීටර 20 ක පමණ දුරින් පිහිටා ඇත. මොරටුව හා පිළියන්දලට ආසන්නව අතිමහත් සුන්දර පරිසරයක පිහිටා ඇත. බොල්ගොඩ ගගේ ඉතිහාසය පසුපස ලන්දේසින් මෙන්ම ඉංග්‍රීසි ජාතිකයින්ද සිහිකිරීමට පුළුවන. 1847 දී ලංකාව වෙත පැමිණි සැමුවෙල් බේකර් විසින් හෝර්ටන් තැන්න ආශිත බේකර් දිය ඇල්ල සොයාගන්නා ලදී.ඔහු සදහන් කරන්නේ එකල මසුන් මරන්නෙකු හා මී ගවයන් දෙදෙනෙකු කිඹුලකු විසින් දිය යටට ගෙන ගිය පුවත අසා තමන් එම පෙදෙසට සපැමිණි බවයි.

1853 වසරේ ඔහු විසින් රචිත "රයිපල් ඇන්ඩ් ද සවුන්ඩ් ඉන් සිලෝන්" නම් වූ පොතෙහි සදහන් කර ඇත්තේ එම මිනීමරු කිඹුලා තමන් විසින්ම වෙඩි තබා මරා දමන ලද බවයි.ඒ වගේම රත්මලානේ සිට පානදුරය, බණ්ඩාරගම ආදී ප්‍රදේශ පුරා වර්ග කිලෝමීටර් 450 ක පමණ පැතිර තිබු බොල්ගොඩ  ගඟ ඉංග්‍රීසි ජාතිකයින්ගේ විනෝද උද්‍යානයක් සේම දඩබිමක්ව පැවති බවයි.

ලන්දේසි ජාතිකයින් දැව ප්‍රවාහනය සදහා මෙම ගඟ ප්‍රයෝජනයට ගෙන ඇත.මොරටුව වෙත දැව ගෙන එන ලද්දේ රත්නපුරයේ සිට මේ  ගඟ හරහා බව පත පොතෙහි සදහන් වේ.බොල්ගොඩ නදිය ගල්පාත ප්‍රදේශයේදී කළු ගඟ සමග එක්ව ගලා බසී.

1983 වසරේ දී මෙම නදිය ආශිත ප්‍රදේශ අලුත් සංචාරක කලාපයක් බවට පත් කිරීමේ ප්‍රතිපලයක් ලෙස, මෙම වැවට මුහුණලා දැකුම් කළු සංචාරක හෝටල් කීපයක්ම ඉදිකර අති අතර බෝට්ටු පැදීමට අවශ්‍ය පහසුකම් ද සලසා දී ඇත. වැවකට වඩා විලක අසිරිය ගන්නා මෙම පරිසරය පරිසර හිතකාමීන්ගේ නෙත් සිත් පැහැර ගන්නා මනරම් පරිසරයකට උරුමකම් කියති.



විශාල සිතියම නරඹන්න

නවගමුව පත්තිනි දේවාලය

කඩුවෙල නගරය පසු කරමින් පැරණි රත්නපුරය මාර්ගයේ ගමන් කරන විට නවගමුව පත්තිනි දේවාලයට පිවිසිය හැක. බුදුරජාණන් වහන්සේගේ පාත්‍ර ධාතුව  සහ පත්තිනි මෑණියන්ගේ සලඹ තැන්පත්කර මෙම දේවාලය ඉදිකර ඇති බවට මුලාශ්‍ර වල සදහන් වේ.සෑම වසරකම අගෝස්තු මාසයේදී මෙම දෙවොලට අයත් පෙරහැර හා පුද පුජා පැවැත්වේ.


විශාල සිතියම නරඹන්න

හුණුපිටිය ගංගාරාම විහාරය

කොළඹ නගර මධ්‍යයේ පිහිටි නිසංසල පරිසරයක පිහිටි මෙම විහාර භුමිය අවුරුදු 120 ක පමණ වටිනා ඉතිහාසයකට උරුමකම් කියන පිංබිමකි. 1884 වර්ෂයේ හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන් විසින් ආරම්භ කරන ලද මෙම විහාරය අද වන විට ගල්බොඩ සිරි ඥාණීස්සර හිමියන් විසින් වගකීමෙන් රැකගෙන යයි. මෙම විහාරයට අනුබද්ධිතව ශ්‍රී ජිනරතන කාර්මික විද්‍යාලය මගින් ගිහි පැවිදි සිසුනට ලබාදෙන නැණ නුවණ අතිමහත්ය. නවම් මස ලබන විට බැතිමතුන්ගේ සිහියට නැගෙනුයේ මෙම විහාර භූමියයි. සියළුම සංස්‌කෘතික අංග එක් කරමින් අලි ඇතුන්ගෙන් පිරිපුනුන් පෙරහරක් ලෙස ඉතමත් ප්‍රසිද්ධව ඇත.


විශාල සිතියම නරඹන්න

ගංගොඩවිල විජයාරාම රජමහාවිහාරය

 හයවැනි විජයබා රජු සිහිකර වීම පිණිස එම දේවිය විසින් ඉදිකරන ලද පිංබිමක් ලෙස මුලාශ්‍ර වල සදහන් වේ. මෙහි ඇති ප්‍රධාන ලක්ෂනයක් වනුයේ සුවිශාල විහාරමළුව වටා ප්‍රකාරයක් දක්නට ලැබීමයි. ඒ වගේම වටදාගෙයද කැපී පෙනෙන ලක්ෂණයකි.


විශාල සිතියම නරඹන්න

කොටහේනේ දිපදුත්තාරාමය

කොළඹ නගරය තුල පිහිටා ඇති ඉතාමත් ඉපැරණි පුජනිය බිමක් ලෙස දැක්විය හැකිය. 1835 මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ මුලිකත්වයෙන් මෙම විහාරය වැඩි දියුණු කර ඇත. කොටහේනේදී සිදුකරන ලද බෞද්ධ පෙරහැරට පහරදීමේ පැරණි සිදුවිමට පසුබිම් වූ විහාර භුමියද මෙය වේ. ඕලන්ද හා බ්‍රිතාන්‍ය වස්තු විද්‍යාවේ පෝෂණයෙන් ගොඩනැගුණු පිළිම වහන්සේ නමක්ද මෙහි දක්නට ලැබේ. එකල අන්‍යාගමික බලපෑම් තදින් ක්‍රියාත්මකව පැවති සමයක හිස ඔසවන ලද විහාර භූමියකි.

කොරතොට පුරාණ විහාරය

කඩුවෙල නගරය පසු කර කිලෝමීටර් 3 ක් .පමණ දුරක් ගමන කල තැන මෙම ලෙන් විහාරය දැකුම්කළු කදුගැටයක් මත පිහිටා තිබේ. බෝමිරියේ ලෙන් විහාරය නමින්ද හදුන්වන්නේ ද මෙයමයි. ඉතාමත් වටිනා ශිලා ලිපියක් ද දක්නට ලැබේ. වෙහෙර වහන්සේ වැඩසිටින කදු මුදුන බැලුම් ගල ලෙසද ව්‍යවහාර කෙරේ. සීතාවක රාජසිංහ රජුගේ බලඇණිය පරංගින් ගැන ඔත්තු බැලීම කර ඇත්තේද මෙම විහාර බිමේ සිට බව පැවසේ.

කෝට්ටේ රජමහා විහාරය

බොරැල්ලේ සිට කිලෝමීටර් 7 ක දුරුරින් පිහිටා ඇති පිංබිමේ අයිතිය සයවැනි පැරකුම් රජුට හිමිව ඇත. කෝට්ටේ පැරකුම්බා රජ දවස තුල ඉදිකරන ලද මෙම විහාර භුමිය තුල පිළිම ගෙය,සිමා මාලකය, හා ගල් කණු නටබුන් අතරට එක්ව ඇත. සයවැනි පැරකුම්බා රජු විසින් ඉදිකරන ලද දළදා මාලිගය තුල රන්කරඬුවක තබා දළදා සමිදුන්ට ආරක්ෂාව සලසා දී ඇති බව වංශ කථාවල සදහන්ව ඇත.
විශාල සිතියම නරඹන්න

බෙල්ලන්විල රජමහා විහාරය

විෂ්ණු දෙවියන්ගේ ඔද තෙද වලින් පිරිපුන් මෙම විහාර භුමිය, දෙහිවලට ආසන්නව පිහිටා ඇති පුජනිය පිං බිමකි. යුග තුනකට බෙදා වෙන්කර ඇති මෙම පුරාණ රජමහා විහාරය 1505 දී පෘතුගීසින්ගේ බලපෑමෙන් විනාශයට පත් විය. මෙහි වැඩ සිටින බෝධීන්වහන්සේගේ අනුහසින් කිර්තිනාමය රැක ගැනීමට සමත්ව ඇත. 

1950 දී ආරම්භ කරන ලද ඇසල පෙරහැර නිසාද මෙම පිංබිම ඉතාමත් ප්‍රචලිත වී ඇත. සිංහල බෝධි වංශයේ සදහන් වන පරිදි සංඝමිත්තා තෙරණින් වහන්සේ ලක්දිවට වැඩම කරන ලද ශ්‍රීමහා බෝධින්වහන්සේගේන් හටගන්නා ගන්නා ලද දෙතිස් ඵලයෙන් එකක් බෙල්ලන්විල පුදබිමේ රෝපණය කර ඇති බව වංශ කථාවල සදහන් වේ. 

කෝට්ටේ හයවැනි පරක්‍රමබාහු රජතුමා විසින් බෙල්ලන්විල බෝධිය වටා ඇති ප්‍රකාරය ඉදි කරන ලදී. කලක් තිස්සේ වනයෙන් වැසි තිබුන බෙල්ලන්විල බෝධිරාජයාණන් වහන්සේ හමුව ඇත්තේ 1850 දී ය. තේන්ගොඩ ගෙදර හාමුදුරුවන් වහන්සේ විසින් මෙය එකල සොයා ගන්නා ලදී.වර්තමානය වන විට විහාර භුමිය සංවර්ධනය කර ඇත්තේ බෙල්ලන්විල සෝමරතන නායක හාමුදුරුවන්ය. 

විහාර මන්දිරය, බෝධිය, සංඝාවාසය, ධර්මශාලාව, විශ්‍රාම ශාලාව,
දේවාලය, තොරතුරු මධ්‍යස්ථානය,යන සියලුම විහාර අංග වලින් සමන්විතය. කතරගම ,විෂ්ණු හා හූනියම් දේවතාවන් මෙහි රතු,
නිල් හා සුදු එලි විහිදුවමින් සැරිසරන බවට මතයක්ද පවතී.
විශාල සිතියම නරඹන්න