Wednesday, September 24, 2014

බොල්ගොඩ ගඟ

ලංකාවේ සුවිශාල අභ්‍යන්තර ජලාශ කැපිපෙනෙන ජලාශයකි.අගනුවරට කිලෝමීටර 20 ක පමණ දුරින් පිහිටා ඇත. මොරටුව හා පිළියන්දලට ආසන්නව අතිමහත් සුන්දර පරිසරයක පිහිටා ඇත. බොල්ගොඩ ගගේ ඉතිහාසය පසුපස ලන්දේසින් මෙන්ම ඉංග්‍රීසි ජාතිකයින්ද සිහිකිරීමට පුළුවන. 1847 දී ලංකාව වෙත පැමිණි සැමුවෙල් බේකර් විසින් හෝර්ටන් තැන්න ආශිත බේකර් දිය ඇල්ල සොයාගන්නා ලදී.ඔහු සදහන් කරන්නේ එකල මසුන් මරන්නෙකු හා මී ගවයන් දෙදෙනෙකු කිඹුලකු විසින් දිය යටට ගෙන ගිය පුවත අසා තමන් එම පෙදෙසට සපැමිණි බවයි.

1853 වසරේ ඔහු විසින් රචිත "රයිපල් ඇන්ඩ් ද සවුන්ඩ් ඉන් සිලෝන්" නම් වූ පොතෙහි සදහන් කර ඇත්තේ එම මිනීමරු කිඹුලා තමන් විසින්ම වෙඩි තබා මරා දමන ලද බවයි.ඒ වගේම රත්මලානේ සිට පානදුරය, බණ්ඩාරගම ආදී ප්‍රදේශ පුරා වර්ග කිලෝමීටර් 450 ක පමණ පැතිර තිබු බොල්ගොඩ  ගඟ ඉංග්‍රීසි ජාතිකයින්ගේ විනෝද උද්‍යානයක් සේම දඩබිමක්ව පැවති බවයි.

ලන්දේසි ජාතිකයින් දැව ප්‍රවාහනය සදහා මෙම ගඟ ප්‍රයෝජනයට ගෙන ඇත.මොරටුව වෙත දැව ගෙන එන ලද්දේ රත්නපුරයේ සිට මේ  ගඟ හරහා බව පත පොතෙහි සදහන් වේ.බොල්ගොඩ නදිය ගල්පාත ප්‍රදේශයේදී කළු ගඟ සමග එක්ව ගලා බසී.

1983 වසරේ දී මෙම නදිය ආශිත ප්‍රදේශ අලුත් සංචාරක කලාපයක් බවට පත් කිරීමේ ප්‍රතිපලයක් ලෙස, මෙම වැවට මුහුණලා දැකුම් කළු සංචාරක හෝටල් කීපයක්ම ඉදිකර අති අතර බෝට්ටු පැදීමට අවශ්‍ය පහසුකම් ද සලසා දී ඇත. වැවකට වඩා විලක අසිරිය ගන්නා මෙම පරිසරය පරිසර හිතකාමීන්ගේ නෙත් සිත් පැහැර ගන්නා මනරම් පරිසරයකට උරුමකම් කියති.



විශාල සිතියම නරඹන්න

No comments:

Post a Comment