Wednesday, September 24, 2014

බෙල්ලන්විල රජමහා විහාරය

විෂ්ණු දෙවියන්ගේ ඔද තෙද වලින් පිරිපුන් මෙම විහාර භුමිය, දෙහිවලට ආසන්නව පිහිටා ඇති පුජනිය පිං බිමකි. යුග තුනකට බෙදා වෙන්කර ඇති මෙම පුරාණ රජමහා විහාරය 1505 දී පෘතුගීසින්ගේ බලපෑමෙන් විනාශයට පත් විය. මෙහි වැඩ සිටින බෝධීන්වහන්සේගේ අනුහසින් කිර්තිනාමය රැක ගැනීමට සමත්ව ඇත. 

1950 දී ආරම්භ කරන ලද ඇසල පෙරහැර නිසාද මෙම පිංබිම ඉතාමත් ප්‍රචලිත වී ඇත. සිංහල බෝධි වංශයේ සදහන් වන පරිදි සංඝමිත්තා තෙරණින් වහන්සේ ලක්දිවට වැඩම කරන ලද ශ්‍රීමහා බෝධින්වහන්සේගේන් හටගන්නා ගන්නා ලද දෙතිස් ඵලයෙන් එකක් බෙල්ලන්විල පුදබිමේ රෝපණය කර ඇති බව වංශ කථාවල සදහන් වේ. 

කෝට්ටේ හයවැනි පරක්‍රමබාහු රජතුමා විසින් බෙල්ලන්විල බෝධිය වටා ඇති ප්‍රකාරය ඉදි කරන ලදී. කලක් තිස්සේ වනයෙන් වැසි තිබුන බෙල්ලන්විල බෝධිරාජයාණන් වහන්සේ හමුව ඇත්තේ 1850 දී ය. තේන්ගොඩ ගෙදර හාමුදුරුවන් වහන්සේ විසින් මෙය එකල සොයා ගන්නා ලදී.වර්තමානය වන විට විහාර භුමිය සංවර්ධනය කර ඇත්තේ බෙල්ලන්විල සෝමරතන නායක හාමුදුරුවන්ය. 

විහාර මන්දිරය, බෝධිය, සංඝාවාසය, ධර්මශාලාව, විශ්‍රාම ශාලාව,
දේවාලය, තොරතුරු මධ්‍යස්ථානය,යන සියලුම විහාර අංග වලින් සමන්විතය. කතරගම ,විෂ්ණු හා හූනියම් දේවතාවන් මෙහි රතු,
නිල් හා සුදු එලි විහිදුවමින් සැරිසරන බවට මතයක්ද පවතී.
විශාල සිතියම නරඹන්න

No comments:

Post a Comment