Thursday, September 25, 2014

ඕලන්ද කෞතුකාගාරය

පිටකොටුව කුමාර විදියේ දක්නට ලැබෙන මෙම ගොඩනැගිල්ල 1980 පිළිසකර කරන ලදී.1692 කාලය තුල සිටි ඕලන්ද ආණ්ඩුකාර තෝමස් වෑන්ගේ නිල නිවහන විය. ඉංග්‍රීසි පාලන සමයේ මෙය හමුදා රෝහලක්, පොලිස් අභ්‍යාස විද්‍යාලයක් තැපැල් හලක් ලෙසද එකල ප්‍රයෝජනයට ගෙන ඇත. 1982 වසරේ සිට මෙය ඕලන්ද කෞතුකාගාරයක් ලෙසට පවත්වාගෙන යයි. දෙමහල් ගොඩනැගිල්ලක් වන මෙය කොළඹ නගරයේ පිහිටි විශාලතම ඕලන්ද ගෘහ නිර්මාණයන්ට අනුව ඉදිකරන ලද නිර්මාණයකි.

කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව්මැදුර

වර්තමානයේ කොලඹ පුරවරයේ දක්නට ලැබෙන විශාලතම දෙව්මැදුර මෙය වේ.1760 වර්ෂයේ මෙය ආරම්භ කරන විට පෝල්අතු සෙවිලි කරන ලද මඩුවකි. අද අපට දක්නට ලැබෙන ආකාරයෙන් වෙනස් වන්නට පටන්ගෙන ඇත්තේ 1937 වර්ෂයේ සිටය. පැරණි රෝම වාස්තු විද්‍යා ලක්ෂණ වලින් හෙබි මෙම පුජනිය භුමිය කතෝලික බැති මතුන්ගේ ආශීර්වාද භූමියයි. මෙම දෙවු මැදුරට අනුබද්ධිතව ඉදිකරන ලද කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලයත්, බම්බලපිටියේ යහපත් එඩේරා කන්‍යාරාමයත් අද කොලඹ පිහිටි ප්‍රධාන පාසැල් දෙකක් බවට පත්ව ඇත.

ෙකෟතුකාගාර ගොඩනැගිල්ල

1868 දී කුරුදුවත්ත ප්‍රදේශයේ ඉදිකරන ලද ගොඩනැගිල්ලකි. වික්ටෝරිය පාලන සමයේ ඉදිකරන ලද නිර්මාණයන්ට සමානව මෙයද නිර්මාණය කර ඇත. විලියම් ග්‍රෙගරි ආණ්ඩුකාරයා විසින් වර්ෂ 1877 දී මෙය විවෘත කර ඇත. වර්තමානය වන විට මේ හා සමාන ගොඩනැගිල්ලක්  ප්‍රධාන ගොඩනැගිල්ල පසු පස ඉදිකර ඇත.  

ගාලු මුවදොර

1840 වර්ෂයේදී එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා විසින් මෙම පරිශ්‍රය තුල තුරග රේස් පවත්වා ඇත. වර්තමානය වන විට මෙය "ගෝල්ෆේස්" නමින් හදුන්වා ඇති අතර , පිරිසිදු මුහුදු වෙරළ තිරයක් මත දෙපා තබන්න ඇති ආශාව නිසා මෙම පෙදෙසට විශාල ජනතාවක් එක් රොක් වෙමින් නිදහසේ සැරිසරන්න පුරුදුව ඇත.

ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය

1875 වර්ෂය වන විට එවකට ශ්‍රීලංකාව තුල පිහිටා තිබුන විශාලතම සැපහසුකම් වලින් යුක්ත හෝටලය මෙය විය. කොලඹ වරායෙන් ගොඩබසින ජනතව ඉලක්ක කර ගනිමින් ආරම්භ කරන ලද ව්‍යාපෘතියක් විය.රුසියානු ලේඛක ඇන්ටන් චෙකොෆ් මෙම හෝටලයේ නවාතැන් ගෙන ඇති බව ඉතිහාසය සාක්ෂි දරයි.

කොළඹ පැරණි දුම්රිය පොළ

1858 වර්ෂයේදී ශ්‍රිලංකාවේ පළමුවන දුම්රිය පොළ ලෙස ඉතිහාසයට එක්ව ඇත. එය මරදාන කාර්මික විද්‍යාලය ඉදිරිපිට පිහිටා ඇත. 1865 වසරේදී ප්‍රථම දුම්රිය ගමන අබේපුස්ස දක්වා ගමන් ආරම්භ කලේ මෙම දුම්රිය පළේ සිටය.1912 වර්ෂයේ දී කොටුව දුම්රිය පොළ ආරම්භ වීමත් සමග ප්‍රථම දුම්රිය පොළ වසා දමන ලදී.

ගාලු මුවදොර හෝටලය

අග්නිදිග ආසියාවේම  බැබලෙන හෝටලයක් ලෙස මෙය හැදින්විය හැක. ඒවගේම ලංකාවේ පිහිනුම් තටාකයක් හිමි පළමු හෝටලයද මෙය විය. 1874 වර්ෂයේ සම්පුර්ණයෙන් අලුත්වැඩියා කරන ලදී. කොලඹ නගරයට ඉතාමත් අලංකාරයක් එකතු කරන ලද ස්ථානයක් ලෙස මෙය හැදින්විය හැක.