Showing posts with label කොටහේන. Show all posts
Showing posts with label කොටහේන. Show all posts

Thursday, September 25, 2014

කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව්මැදුර

වර්තමානයේ කොලඹ පුරවරයේ දක්නට ලැබෙන විශාලතම දෙව්මැදුර මෙය වේ.1760 වර්ෂයේ මෙය ආරම්භ කරන විට පෝල්අතු සෙවිලි කරන ලද මඩුවකි. අද අපට දක්නට ලැබෙන ආකාරයෙන් වෙනස් වන්නට පටන්ගෙන ඇත්තේ 1937 වර්ෂයේ සිටය. පැරණි රෝම වාස්තු විද්‍යා ලක්ෂණ වලින් හෙබි මෙම පුජනිය භුමිය කතෝලික බැති මතුන්ගේ ආශීර්වාද භූමියයි. මෙම දෙවු මැදුරට අනුබද්ධිතව ඉදිකරන ලද කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලයත්, බම්බලපිටියේ යහපත් එඩේරා කන්‍යාරාමයත් අද කොලඹ පිහිටි ප්‍රධාන පාසැල් දෙකක් බවට පත්ව ඇත.

Wednesday, September 24, 2014

කොටහේනේ දිපදුත්තාරාමය

කොළඹ නගරය තුල පිහිටා ඇති ඉතාමත් ඉපැරණි පුජනිය බිමක් ලෙස දැක්විය හැකිය. 1835 මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ මුලිකත්වයෙන් මෙම විහාරය වැඩි දියුණු කර ඇත. කොටහේනේදී සිදුකරන ලද බෞද්ධ පෙරහැරට පහරදීමේ පැරණි සිදුවිමට පසුබිම් වූ විහාර භුමියද මෙය වේ. ඕලන්ද හා බ්‍රිතාන්‍ය වස්තු විද්‍යාවේ පෝෂණයෙන් ගොඩනැගුණු පිළිම වහන්සේ නමක්ද මෙහි දක්නට ලැබේ. එකල අන්‍යාගමික බලපෑම් තදින් ක්‍රියාත්මකව පැවති සමයක හිස ඔසවන ලද විහාර භූමියකි.