Tuesday, October 21, 2014
පළමු සැතපුම් කණුව
කොලඹ ගාලු පාරේ පිහිටි ටාජ් සමුද්ද්‍ර හෝටලය අභියස පිහිටුවා ඇති පළමු සැතපුම් කණුවදඉතාමත් පැරණි ස්ථනයකි. මෙම කණුව මුදුනෙහි බ්‍රිතන්‍ය ඔටුන්නේ සලකුණක් තිබුණු බවට මතයක් පවතී. මෙම කණුව මේ ස්ථනයේ ස්ථාපිත කර ඇත්තේ 1978 වසරේදීය.
ජනාධිපති මන්දිරය
1894 බ්‍රිතන්‍ය පාලන සමයට යටත්ව පැවති , අදටත් හොදින් ආරක්ෂා කරගන්නාවූ ඉතාමත් වටිනා ගොඩනැගිල්ලකි. මෙම සුවිශාල නිර්මාණය ඕලන්ද මුලාශ්‍රයන් ඇතිව ඉදිකරන ලද්දකි.
ට්‍රාන්ස්වර්ක් මන්දිරය
වර්තමානයේ ටෙලිකොම් සමගම ඉදිරිපිට දක්නට ලැබෙන්නේ මෙම ට්‍රාන්ස්වර්ක් මන්දිරයයි. 1885 වර්ෂයේ ඉදිකරන ලද්දක් බව පත පොතෙහි සදහන් වේ. මෙය රතු සුදු අලේපයකින් යුත් දර්ශනීය දැකුම්කළු ගොඩනැගිල්ලකි. දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ අමාත්‍යංශයක් සදහාද එකල භාවිතා කර ඇත. වර්තමානය වන විට මෙම මන්දිරය තුල කොටුව පොලිසිය හා පොස්ට්මාස්ටර් ජනරාල් කාර්යාලයද මේ තුල ස්ථාපිත කර ඇත.
කුප්පියාවත්ත ජයසේකරා රාමය
1823 වැනි ඉතිහාසයකට හිමිකම් කියන මරදාන නගරයට ආසන්නයේ පිහිටා අති ඉපැරණි පුද බිමකි. දර්ශනීය විහාරගෙයක්, ආවාස මන්දිරයක් හා දේවාලයක් ද සහිතව 19 වන සියවසේ අගභාගයේදී ආගමික පුනරුදය වෙනුවෙන් විශාල මෙහෙවරක් කරන ලද පුජනිය භූමියකි.
පැපිලියාන සුනේත්‍රාදේවි විහාරය
හයවැනි පරාක්‍රමබාහු රජතුමාගේ මෑණියන් වූ සුනේත්‍රා දේවිය සිහිකරනු සදහා ඉදිකරන ලද විහාර බිමකි. මෙය ක්‍රිස්තු වර්ෂ 1417 දී ඉදි කරන ලදී. පසු කාලීනව මෙය සුනේත්‍රා දෙවි මහ පිරිවෙන ලෙස ප්‍රකට විය.
Thursday, September 25, 2014
ඕලන්ද කෞතුකාගාරය
පිටකොටුව කුමාර විදියේ දක්නට ලැබෙන මෙම ගොඩනැගිල්ල 1980 පිළිසකර කරන ලදී.1692 කාලය තුල සිටි ඕලන්ද ආණ්ඩුකාර තෝමස් වෑන්ගේ නිල නිවහන විය. ඉංග්‍රීසි පාලන සමයේ මෙය හමුදා රෝහලක්, පොලිස් අභ්‍යාස විද්‍යාලයක් තැපැල් හලක් ලෙසද එකල ප්‍රයෝජනයට ගෙන ඇත. 1982 වසරේ සිට මෙය ඕලන්ද කෞතුකාගාරයක් ලෙසට පවත්වාගෙන යයි. දෙමහල් ගොඩනැගිල්ලක් වන මෙය කොළඹ නගරයේ පිහිටි විශාලතම ඕලන්ද ගෘහ නිර්මාණයන්ට අනුව ඉදිකරන ලද නිර්මාණයකි.
කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව්මැදුර
වර්තමානයේ කොලඹ පුරවරයේ දක්නට ලැබෙන විශාලතම දෙව්මැදුර මෙය වේ.1760 වර්ෂයේ මෙය ආරම්භ කරන විට පෝල්අතු සෙවිලි කරන ලද මඩුවකි. අද අපට දක්නට ලැබෙන ආකාරයෙන් වෙනස් වන්නට පටන්ගෙන ඇත්තේ 1937 වර්ෂයේ සිටය. පැරණි රෝම වාස්තු විද්‍යා ලක්ෂණ වලින් හෙබි මෙම පුජනිය භුමිය කතෝලික බැති මතුන්ගේ ආශීර්වාද භූමියයි. මෙම දෙවු මැදුරට අනුබද්ධිතව ඉදිකරන ලද කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලයත්, බම්බලපිටියේ යහපත් එඩේරා කන්‍යාරාමයත් අද කොලඹ පිහිටි ප්‍රධාන පාසැල් දෙකක් බවට පත්ව ඇත.
Subscribe to:
Posts (Atom)