Tuesday, October 21, 2014

ප්‍රධාන තැපැල්හල

එකල ප්‍රධාන තැපැල් කාර්යාලය ලෙස හැදින්වූ මෙම ගොඩනැගිල්ල ජනාධිපති මැදුරට මුහුණලා පිහිටා ඇත.1891 වර්ෂයේ ඉදිකිරීම් කටයුතු කර ඇති අතර 1895 දී ආතර් ඊ හැව්ලොක් ආණ්ඩුකාරතුමා විසින් විවෘත කරන ලදී.

විදේශ කටයුතු අමාත්‍යංශ ගොඩනැගිල්ල

1860 වර්ෂයේදී ඉදිකරන ලද ගොඩනැගිල්ලකි. ජනාධිපති මාවතේ දිගටි හැඩයකට පැතිර යන්නාවූ දෙමහල් මන්දිරයක අසිරිය දක්නට ලැබේ. පසු කාලීනව මෙම ස්ථානයේ රාජ්‍ය ආයතන කිහිපයක්ම පවත්වාගෙන ගොස් ඇත.

කයිමන්දොරකඩ ඝන්ඨාර කුළුන

ගෑස්පහ හන්දියේ  පැරණි නගර ශාලාවට බටහිරින් වන්නට කෙලින්විදියේ පිහිටා අති මෙය ඕලන්ද පාලන සමයේදී ඉදිකරන ලද්දකි. මෙහි අති ඝන්ඨාරය පෘතුගීසි දේවස්ථානයක් බිද දැමීමෙන් පසුව එහි නටබුන් අතරින් සොයා ගෙන එන ලද්දක් බව ප්‍රකටය. දෙවන ලෝක යුධ සමයේදී මෙය නාද කරන්න අති බව පැවසේ.ආරුක්කු හැඩයකින් යුතු මෙම කුළුණ 1926 සිට දේව මෙහෙයන් සදහා ප්‍රයෝජනයට ගෙන ඇත.

දෙහිවල සත්ත්ව උද්‍යානය

ජර්මන් ජාතික ජෝන්බර්ග් විසින් නිර්මාණය කරන ලද්දකි. 1936 දී පුද්ගලික සත්ත්ව උද්‍යානයක් ලෙස අක්කර 22 ක භූමියක නිර්මාණය කරන ලද තිළිණයකි. නමුත් 1986 වසරේ ශ්‍රී ලංකා රජයට පවරා ගන්නා ලදී. එකල මෙම සත්ත්ව උද්‍යානය ආසියාවේ පිහිටි අනෙකුත් උද්‍යාන වලට නොදෙවෙනි නිර්මාණයක් විය. ඉතාමත් දුර්ලබ ගණයේ සතුන් රැසක් මෙහිදී දක්නට ලැබේ.


බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව

1973 දී ෙබෟද්ධාලෝක මාවතේ ඉදිකරන ලද බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, චීන ජනරජයේ පරිත්‍යාගයකි. ඉතාමත් විශාල සම්මන්ත්‍රණ ශාලාව කොලඹ නගරයට ඉතාමත් අලංකාරයක් මෙන්ම වටිනාකමක් එක් කර ඇත. ආසන 1500 කින් සමන්විත ප්‍රධන ශාලාව තුළ පිහිටි වේදිකාව වර්ග අඩි 2400 ක ප්‍රමාණයක් ඇත. මහල් තුනකින් සුසැදි මෙම ශාලාව අන්තර්ජාතික කීර්තියට පත්ව ඇත.

ග්‍රහලෝකාගාරය

1965 දී කොළඹ පවත්වන ලද දැවැන්ත කර්මාන්ත ප්‍රදර්ශනයේ ප්‍රතිපලයක් ලෙස මෙම සුවිශේෂී දැකුම් කළු ගොඩනැගිල්ල ඉදී කරන ලදී.ගොඩනැගිල්ල මාධ්‍යයේ කිසිම කණුවක් සවි නොකර, පිපෙන මලක හැඩයට සුවිශේෂී නිර්මාණයක් ලෙස මෙය ඉදිකර ඇත. මෙහි ඇති අර්ධගෝලාකාර රිදී තීරය මත දිස්වෙන රාත්‍රී අහසේ දක්නට ලැබෙන සුන්දරත්වය නරබන්නා වෙත ඉදිරිපත් කරන්නේ ඉතාමත් චමත්කාර ලෙසය.

ගුවන් සමාගම් ගොඩනැගිල්ල

1786 දී ඕලන්ද ජාතිකයින් විසින් ඉදිකරන ලද්දකි.මෙය බාරොන් ජයතිලක මාවතේ පිහිටා ඇත.අතීතයේ දී ගුවන් සමාගමක් වන එයාර්ලංකා ප්‍රවේශ පත්‍ර නිකුත් කරන ස්ථානයක් ලෙසද පවත්වාගෙන ගොස් ඇත. වර්තමානය වන විට අලුත් මුහුණුවරකින් දක්නට ලැබේ.

පොලිස් මුලස්ථාන ගොඩනැගිල්ල

වසර 160 ක අතීතයකට හිමිකම් කියන මෙම ගොඩනැගිල්ලද බාරොන් ජයතිලක මාවතට නුදුරින් පිහිටා ඇත.

කොඩිගහ

1988 වසරේ අලුත්කඩේ උසාවි සංකීර්ණය එම ස්ථානය වෙත ගෙන ගොඩනගන අතර තුරේදී , පෘතුගීසින්ගේ හා ඕලන්ද කොටුව විනාශයට පත් වීමෙන් පසු ඉතිරි වන ලද කොඩිගහ මෙම ස්ථානයේ ස්ථාපිත කරන ලදී. අඩි 80 ක උසකින් යුත් මෙම කොඩි ගස තුල එකල ලාම්පුවක් එල්ලීමට පියවර ගෙන ඇත. වරායට පැමිණෙන නැව් සදහා මග පෙන්වීමට මෙය එකල උපකාර කරගෙන ඇත.

පළමු සැතපුම් කණුව

කොලඹ ගාලු පාරේ පිහිටි ටාජ් සමුද්ද්‍ර හෝටලය අභියස පිහිටුවා ඇති පළමු සැතපුම් කණුවදඉතාමත් පැරණි ස්ථනයකි. මෙම කණුව මුදුනෙහි බ්‍රිතන්‍ය ඔටුන්නේ සලකුණක් තිබුණු බවට මතයක් පවතී. මෙම කණුව මේ ස්ථනයේ ස්ථාපිත කර ඇත්තේ 1978 වසරේදීය.

ජනාධිපති මන්දිරය

1894 බ්‍රිතන්‍ය පාලන සමයට යටත්ව පැවති , අදටත් හොදින් ආරක්ෂා කරගන්නාවූ ඉතාමත් වටිනා ගොඩනැගිල්ලකි. මෙම සුවිශාල නිර්මාණය ඕලන්ද මුලාශ්‍රයන් ඇතිව ඉදිකරන ලද්දකි.

ට්‍රාන්ස්වර්ක් මන්දිරය

වර්තමානයේ ටෙලිකොම් සමගම ඉදිරිපිට දක්නට ලැබෙන්නේ මෙම ට්‍රාන්ස්වර්ක් මන්දිරයයි. 1885 වර්ෂයේ ඉදිකරන ලද්දක් බව පත පොතෙහි සදහන් වේ. මෙය රතු සුදු අලේපයකින් යුත් දර්ශනීය දැකුම්කළු ගොඩනැගිල්ලකි. දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ අමාත්‍යංශයක් සදහාද එකල භාවිතා කර ඇත. වර්තමානය වන විට මෙම මන්දිරය තුල කොටුව පොලිසිය හා පොස්ට්මාස්ටර් ජනරාල් කාර්යාලයද මේ තුල ස්ථාපිත කර ඇත.

කුප්පියාවත්ත ජයසේකරා රාමය

1823 වැනි ඉතිහාසයකට හිමිකම් කියන මරදාන නගරයට ආසන්නයේ පිහිටා අති ඉපැරණි පුද බිමකි. දර්ශනීය විහාරගෙයක්, ආවාස මන්දිරයක් හා දේවාලයක් ද සහිතව 19 වන සියවසේ අගභාගයේදී ආගමික පුනරුදය වෙනුවෙන් විශාල මෙහෙවරක් කරන ලද පුජනිය භූමියකි.


පැපිලියාන සුනේත්‍රාදේවි විහාරය

හයවැනි පරාක්‍රමබාහු රජතුමාගේ මෑණියන් වූ සුනේත්‍රා දේවිය සිහිකරනු සදහා ඉදිකරන ලද විහාර බිමකි. මෙය ක්‍රිස්තු වර්ෂ 1417 දී ඉදි කරන ලදී. පසු කාලීනව මෙය සුනේත්‍රා දෙවි මහ පිරිවෙන ලෙස ප්‍රකට විය. 


Thursday, September 25, 2014

ඕලන්ද කෞතුකාගාරය

පිටකොටුව කුමාර විදියේ දක්නට ලැබෙන මෙම ගොඩනැගිල්ල 1980 පිළිසකර කරන ලදී.1692 කාලය තුල සිටි ඕලන්ද ආණ්ඩුකාර තෝමස් වෑන්ගේ නිල නිවහන විය. ඉංග්‍රීසි පාලන සමයේ මෙය හමුදා රෝහලක්, පොලිස් අභ්‍යාස විද්‍යාලයක් තැපැල් හලක් ලෙසද එකල ප්‍රයෝජනයට ගෙන ඇත. 1982 වසරේ සිට මෙය ඕලන්ද කෞතුකාගාරයක් ලෙසට පවත්වාගෙන යයි. දෙමහල් ගොඩනැගිල්ලක් වන මෙය කොළඹ නගරයේ පිහිටි විශාලතම ඕලන්ද ගෘහ නිර්මාණයන්ට අනුව ඉදිකරන ලද නිර්මාණයකි.

කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව්මැදුර

වර්තමානයේ කොලඹ පුරවරයේ දක්නට ලැබෙන විශාලතම දෙව්මැදුර මෙය වේ.1760 වර්ෂයේ මෙය ආරම්භ කරන විට පෝල්අතු සෙවිලි කරන ලද මඩුවකි. අද අපට දක්නට ලැබෙන ආකාරයෙන් වෙනස් වන්නට පටන්ගෙන ඇත්තේ 1937 වර්ෂයේ සිටය. පැරණි රෝම වාස්තු විද්‍යා ලක්ෂණ වලින් හෙබි මෙම පුජනිය භුමිය කතෝලික බැති මතුන්ගේ ආශීර්වාද භූමියයි. මෙම දෙවු මැදුරට අනුබද්ධිතව ඉදිකරන ලද කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලයත්, බම්බලපිටියේ යහපත් එඩේරා කන්‍යාරාමයත් අද කොලඹ පිහිටි ප්‍රධාන පාසැල් දෙකක් බවට පත්ව ඇත.

ෙකෟතුකාගාර ගොඩනැගිල්ල

1868 දී කුරුදුවත්ත ප්‍රදේශයේ ඉදිකරන ලද ගොඩනැගිල්ලකි. වික්ටෝරිය පාලන සමයේ ඉදිකරන ලද නිර්මාණයන්ට සමානව මෙයද නිර්මාණය කර ඇත. විලියම් ග්‍රෙගරි ආණ්ඩුකාරයා විසින් වර්ෂ 1877 දී මෙය විවෘත කර ඇත. වර්තමානය වන විට මේ හා සමාන ගොඩනැගිල්ලක්  ප්‍රධාන ගොඩනැගිල්ල පසු පස ඉදිකර ඇත.  

ගාලු මුවදොර

1840 වර්ෂයේදී එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා විසින් මෙම පරිශ්‍රය තුල තුරග රේස් පවත්වා ඇත. වර්තමානය වන විට මෙය "ගෝල්ෆේස්" නමින් හදුන්වා ඇති අතර , පිරිසිදු මුහුදු වෙරළ තිරයක් මත දෙපා තබන්න ඇති ආශාව නිසා මෙම පෙදෙසට විශාල ජනතාවක් එක් රොක් වෙමින් නිදහසේ සැරිසරන්න පුරුදුව ඇත.

ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය

1875 වර්ෂය වන විට එවකට ශ්‍රීලංකාව තුල පිහිටා තිබුන විශාලතම සැපහසුකම් වලින් යුක්ත හෝටලය මෙය විය. කොලඹ වරායෙන් ගොඩබසින ජනතව ඉලක්ක කර ගනිමින් ආරම්භ කරන ලද ව්‍යාපෘතියක් විය.රුසියානු ලේඛක ඇන්ටන් චෙකොෆ් මෙම හෝටලයේ නවාතැන් ගෙන ඇති බව ඉතිහාසය සාක්ෂි දරයි.

කොළඹ පැරණි දුම්රිය පොළ

1858 වර්ෂයේදී ශ්‍රිලංකාවේ පළමුවන දුම්රිය පොළ ලෙස ඉතිහාසයට එක්ව ඇත. එය මරදාන කාර්මික විද්‍යාලය ඉදිරිපිට පිහිටා ඇත. 1865 වසරේදී ප්‍රථම දුම්රිය ගමන අබේපුස්ස දක්වා ගමන් ආරම්භ කලේ මෙම දුම්රිය පළේ සිටය.1912 වර්ෂයේ දී කොටුව දුම්රිය පොළ ආරම්භ වීමත් සමග ප්‍රථම දුම්රිය පොළ වසා දමන ලදී.