Tuesday, October 21, 2014

දෙහිවල සත්ත්ව උද්‍යානය

ජර්මන් ජාතික ජෝන්බර්ග් විසින් නිර්මාණය කරන ලද්දකි. 1936 දී පුද්ගලික සත්ත්ව උද්‍යානයක් ලෙස අක්කර 22 ක භූමියක නිර්මාණය කරන ලද තිළිණයකි. නමුත් 1986 වසරේ ශ්‍රී ලංකා රජයට පවරා ගන්නා ලදී. එකල මෙම සත්ත්ව උද්‍යානය ආසියාවේ පිහිටි අනෙකුත් උද්‍යාන වලට නොදෙවෙනි නිර්මාණයක් විය. ඉතාමත් දුර්ලබ ගණයේ සතුන් රැසක් මෙහිදී දක්නට ලැබේ.


බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව

1973 දී ෙබෟද්ධාලෝක මාවතේ ඉදිකරන ලද බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, චීන ජනරජයේ පරිත්‍යාගයකි. ඉතාමත් විශාල සම්මන්ත්‍රණ ශාලාව කොලඹ නගරයට ඉතාමත් අලංකාරයක් මෙන්ම වටිනාකමක් එක් කර ඇත. ආසන 1500 කින් සමන්විත ප්‍රධන ශාලාව තුළ පිහිටි වේදිකාව වර්ග අඩි 2400 ක ප්‍රමාණයක් ඇත. මහල් තුනකින් සුසැදි මෙම ශාලාව අන්තර්ජාතික කීර්තියට පත්ව ඇත.

ග්‍රහලෝකාගාරය

1965 දී කොළඹ පවත්වන ලද දැවැන්ත කර්මාන්ත ප්‍රදර්ශනයේ ප්‍රතිපලයක් ලෙස මෙම සුවිශේෂී දැකුම් කළු ගොඩනැගිල්ල ඉදී කරන ලදී.ගොඩනැගිල්ල මාධ්‍යයේ කිසිම කණුවක් සවි නොකර, පිපෙන මලක හැඩයට සුවිශේෂී නිර්මාණයක් ලෙස මෙය ඉදිකර ඇත. මෙහි ඇති අර්ධගෝලාකාර රිදී තීරය මත දිස්වෙන රාත්‍රී අහසේ දක්නට ලැබෙන සුන්දරත්වය නරබන්නා වෙත ඉදිරිපත් කරන්නේ ඉතාමත් චමත්කාර ලෙසය.

ගුවන් සමාගම් ගොඩනැගිල්ල

1786 දී ඕලන්ද ජාතිකයින් විසින් ඉදිකරන ලද්දකි.මෙය බාරොන් ජයතිලක මාවතේ පිහිටා ඇත.අතීතයේ දී ගුවන් සමාගමක් වන එයාර්ලංකා ප්‍රවේශ පත්‍ර නිකුත් කරන ස්ථානයක් ලෙසද පවත්වාගෙන ගොස් ඇත. වර්තමානය වන විට අලුත් මුහුණුවරකින් දක්නට ලැබේ.

පොලිස් මුලස්ථාන ගොඩනැගිල්ල

වසර 160 ක අතීතයකට හිමිකම් කියන මෙම ගොඩනැගිල්ලද බාරොන් ජයතිලක මාවතට නුදුරින් පිහිටා ඇත.

කොඩිගහ

1988 වසරේ අලුත්කඩේ උසාවි සංකීර්ණය එම ස්ථානය වෙත ගෙන ගොඩනගන අතර තුරේදී , පෘතුගීසින්ගේ හා ඕලන්ද කොටුව විනාශයට පත් වීමෙන් පසු ඉතිරි වන ලද කොඩිගහ මෙම ස්ථානයේ ස්ථාපිත කරන ලදී. අඩි 80 ක උසකින් යුත් මෙම කොඩි ගස තුල එකල ලාම්පුවක් එල්ලීමට පියවර ගෙන ඇත. වරායට පැමිණෙන නැව් සදහා මග පෙන්වීමට මෙය එකල උපකාර කරගෙන ඇත.

පළමු සැතපුම් කණුව

කොලඹ ගාලු පාරේ පිහිටි ටාජ් සමුද්ද්‍ර හෝටලය අභියස පිහිටුවා ඇති පළමු සැතපුම් කණුවදඉතාමත් පැරණි ස්ථනයකි. මෙම කණුව මුදුනෙහි බ්‍රිතන්‍ය ඔටුන්නේ සලකුණක් තිබුණු බවට මතයක් පවතී. මෙම කණුව මේ ස්ථනයේ ස්ථාපිත කර ඇත්තේ 1978 වසරේදීය.